ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 375ක ඉලක්කයක්

අප්‍රේ 02, 2021

    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 29ක් ලබා සිටියේය.

    තරගය පැවැත්වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ඇන්ටිගුආ හිදී. ප්‍රථම ඉනිමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 354ක් ලබාගත් අතර, ලකුණු 280ක් ලබා සිටියදී දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

    ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමේදී ලබාගත්තේ සියලු දෙනා දැවී ලකුණු 258ක් පමණි. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 375ක ඉලක්කයක් හිමිවිය. එම ඉලක්කය හඹා යාම සඳහා දෙවැනි ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සමඟ ලහිරු තිරිමාන්නයි. සිව්වැනි දිනය නිමාවන විට ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 17ක් සහ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 11ක් ලබා සිටියහ.

    Latest News