තුන්ප්‍රයාම තරගාවලියේ ශුරතාව යුද හමුදාවට

මාර් 28, 2021

    ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම ක්‍රීඩා තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට යුද හමුදාව සමත්විය.

    තරග අද පැවැත්වුණේ, ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් තාවුල්ලේදී. මෙවර තරගාවලිය සංවිධාන කෙරුණේ 11 වැනි වරට. ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 60කට ආසන්න පිරිසක් මීට එක්වූහ. මෙහි දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට යුද හමුදා කාර්මික සෙබල ජී.ඒ.සී.එස්. වික්‍රමාරච්චි සමත්විය.

    දක්‍ෂතම ක්‍රීඩිකාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එල්.කේ.ජී.කේ. දසනායකයි. මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රන්ජන් ළමාහේවා මහතා මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූහ.

    Latest News