පසුගිය දශකයේ ලෝකයේ උභය ජීවි විශේෂ 35ක් සදහටම ලෝකයෙන් වඳ වී ගොස් ඇතැයි රතු දත්ත පොත පෙන්වා දෙන බවත්, ඉන් 21ක්ම ශ්‍රී ලංකාවට ආවේනික උභයජීවි විශේෂ යැයි පරිසර සංවිධානවල නියෝජිතයින් හා පරිසර විද්‍යාඥයින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට පෙන්වා දෙනු ලැබූ බව පරිසර අමාත්‍යාංශය පවසයි.