ජෝර්දානයෙන් පොදු සමාවක්

සැප් 27, 2019

    ජෝර්දාන රජය පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරයි.

    සැප්තැම්බර් මස 22 වැනි දින සිට නොවැම්බර් මස 21 වැනි දින දක්වා මාස 02ක කාලයක් මෙය වලංගු වේ.

    පොදුසමා කාලය තුළ ජෝර්දානයට රැකියා වීසා මත ගොස් වීසා නොමැතිව නීත්‍යානුකුල නොවන අන්දමින් රැඳී සිටින විගමණික ශ්‍රමිකයින්ට කිසිදු මුදල් ගෙවීමකින් තොරව මෙරටට පැමැණීමේ හැකියාව පවතියි.

    නමුත් සංචාරක වීසා මත රටට ඇතුළු වී නියමිත වීසා කාලය ඉක්මවා රැඳී සිටින සංචාරකයින්ට ඊට අදාළ දඩ මුදලක් ගෙවා රටින් පිටවීමට හැකියාව පවතින බව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

    ජෝර්දාන් රජය මේ වර්ෂය තුළ ලබා දුන් දෙවන පොදු සමා කාලය මෙයයි.

    පසුගිය පෙබරවාරී මාසයේ දී ද ජෝර්දානයේ රැඳී සිටි විදේශකයින් සඳහා පොදුසමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    Latest News