වෙසක් දින සිරකරුවන්ට ජනපතිගෙන් සමාව

මැයි 16, 2019

    මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කෙරේ.

    සිරකරුවන් නිදහස් කිරිමේ රාජ්‍ය උත්සය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේදී වෙසක් පෝදා පැවැත්වේ.

    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව පිරිනැමේ. ස්ත්‍රි දූෂණ, බාල අපරාධ හා මත් ද්‍රව්‍ය වැනි වැරදි සදහා දඩුවම් ලබා සිටින සිරකරුවන් හැර අනෙකුත් සුළු වැරදි සම්බන්ධව බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් මෙසේ නිදහස් කෙරේ. සිරකරුවන් 736 දෙනෙකු සහ සිරකාරිනියන් 26 දෙනෙකු පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිතයි.

    වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 117 ක්, පල්ලේකැලේ එළිමහන් සිරකදවුරෙන් සිරකරුවන් 62 ක්, මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 55 ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් 50 ක්, පල්ලන්සේන සිර කදවුරෙන් සිරකරුවන් 53 ක් දිවයින පුරා පිහිටි බන්ධනාගාර තිහකින් සිරකරුවන් නිදහස් කෙර්.

    බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස් කෙරෙන ප්‍රථම අවස්ථාව මෙයවේ.

    Latest News