අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ ඉදිරි අසුනේ ගමන්ගත් යුධ හමුදා කපිතාන්වරයෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගිය කපිතාන්වරයා වයස අවුරුදු 28ක් වූ මාතලේ ප්රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරින් රියදුරු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුලත් කර ඇති අතර වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.