ඉතාලි රජයෙන් රු.මි. 125ක හදිසි මූල්‍යාධාර...

අප්‍රේ 26, 2022

    ඉතාලි රජය විසින් රුපියල් මිලියන 125ක හදිසි මූල්‍යාධාර ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කරනු ලැබ තිබෙනවා.

    ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා මෙම ආධාර ලබාදෙනු ඇති. කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ඉතාලි රජයේ මැදිහත්වීමෙන් මෙම මූල්‍යාධාර ලබාදෙන බවයි. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ අඩුපාඩු පියවා ගැනිමට මින් අවස්ථාව සැලසෙනවා. අතීතයේ පටන් ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ශක්තිමත් සහයෝගිතාවය වැඩි කර ගැනීමට මෙමගින් හැකිවනු ඇති. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම මොහොතක සහය දැක්වීමට ඉතාලි රජය සූදානමින් සිටින බව තානාපති කාර්යාලය පවසනවා.

    Latest News