උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

දෙසැ 30, 2021

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (29) රාත්‍රියේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සිසුන් 48,810 දෙනෙකු අයදුම්කර තිබු බව සඳහන් වේ.

    ඒ අනුව නැවත සමීක්ෂණ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ප්‍රතිඵල සම්බන්ධ යම් ගැටලුවක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ 0112 784 537 , 0112 784 208, 0113 188 350 හෝ 0113 140 314 යන දුරකථන අංකවලට ඇමතීමෙන් දැනුම්දිය හැකි වේ.

    Latest News