ජනපති, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී....(වීඩියෝ)

නොවැ 19, 2021
  • ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, අද (19) උදේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගත්තා.

    පුදබිමට පැමිණි ජනාධිපතිතුමා, පළමුවෙන් අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වලට ජනාධිපතිතුමා එක්වූයේ ඉන් අනතුරුවයි. බෝධීන් වහන්සේ උදෙසා උදේ කිරි  ආහාර පූජාව සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්. අනතුරුව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණි ජනතාව සමඟ ද සුහද කතා බහක නිරත වෙමින් තොරතුරු විමසා සිටියා.

    Last modified on සිකුරාදා, 19 නොවැම්බර් 2021 19:47

    Latest News