එහි වැඩිම බලපෑම් සිදුව ඇත්තේ, උඩරට දුම්රිය මාර්ගයටයි. කොටුව - බදුල්ල ප්‍රධාන මාර්ගයේ රඹුක්කන හා කඩිගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකක් මේ වන විට නායයෑමට ලක්ව තිබේ. එමෙන්ම කඩිගමුව දුම්රිය ස්ථානයේ කොටසක් ද නායයෑමට ලක්ව ඇත.
ඉහළ කෝට්ටේ හා බලන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ කොටස් කිහිපයක් ද නායයෑමට ලක්ව ඇතැයි වාර්තා වේ. ඒ අනූව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට පොල්ගහවෙල දක්වා සීමා කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
මේ අතර, හලාවත සහ පුත්තලම අතර දුම්රිය ධාවනයටත් බාධා පැමිණ තිබේ.