දුම්රිය ගමන්වාර එක්, එක් පළාත තුළ පමණක් ධාවනය කෙරේ....

මැයි 11, 2021

    පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වීමත් සමඟ දැන් පවතින දුම්රිය ගමන්වාර එක් එක් පළාත තුළ පමණක් ධාවනයට කටයුතු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව, බස්නාහිර පළාත තුළ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සිදු වන්නේ, අඹේපුස්සේ සිට කොළඹ කොටුව දක්වායි. මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම සිට මරදාන දක්වා දෛනික ගමන්වාර 25ක් ක්‍රියාත්මකයි. පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ සිට කොළඹ කොටුව දක්වා සහ ආපසු පැමිණිම සඳහා දුම්රිය වාර ක්‍රියාත්මකයි.

    කැළණිවැලි මාර්ගයේ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වාත්, කොළඹ කොටුව සිට පාදුක්ක සිට කොස්ගම දක්වා සහ ආපසු පැමිණිමට දුම්රිය ගමන්වාර 9ක් ක්‍රියාත්මකයි.

    Latest News