කොවිඩ්-19; දින 10ක් තුළ ඇඳන් 10,000ක්....

මැයි 11, 2021

    කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය අංශ වෙත දින 10ක් තුළ ඇඳන් 10,000ක් ලබාදීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි.

    ඊට මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ, අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතායි. ඇඳන් සකස් කිරීම දිවයිනේ විවිධ ආයතන සඳහා බාරදී ඇති අතර, මේ දිනවල දිවා-රාත්‍රී දෙකෙහිම අඛණ්ඩව එම කාර්ය මණ්ඩල සේවකයන් ඇඳන් සකස් කිරීමේ නිරතව සිටී.

    රත්මලාන, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මානව සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය සහ යාන්ත්‍රික වැඩපොළ පරිශ්‍රයෙහි ද, ඇඳන් සකස් කිරීම සිදු කෙරේ. අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අද උදේ එම ස්ථානයට ගොස් ඇඳන් සැකසීමේ කටයුතු නිරීක්‍ෂණය කළේය.

    මෙම ආයතනයේදී ඇඳන් 1000ක් සාදා නිම කිරීමට අපේක්‍ෂිතයි. අනුරාධ ජයරත්න, ඉන්දික අනුරුද්ධ යන රාජ්‍ය අමාත්‍යවරුද, මේ අවස්ථාවට එක්වූහ.

    Latest News