කොළඹ විශාඛා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙම පහසුකම් වාර්ෂිකව පාසල්වලට පිරිනැමෙන්නේ කොරියානු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර, 2005 වසරේ අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමට අනුවයි.
එමගින් මෙරට තොරතුරු තාක්‍ෂණ අධ්‍යාපනයේ ප්‍රවර්ධනය උදෙසා ගුරු පුහුණු වැඩසටහන් සහ පාසල්වලට තොරතුරු තාක්‍ෂණ උපකරණ, උපාංග සහ සුහුරු පන්ති කාමර උපකරණ ප්‍රදානය කෙරේ.