අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ අද(16 ) පැවති උත්සවයකට එක්වෙමිනි.
අපේ අධ්‍යාපනය සකස් විය යුත්තේ කෙසේද, සිදුවිය යුතු වෙනස්කම් මොනවාද, අනාගත වැඩ ලෝකය සමඟ අපේ දරුවන් සම්බන්ධ කරවීමට අධ්‍යාපනයෙන් ලබාදිය හැකි පිටුබලය කෙබඳුද ආදී කරුණු සම්බන්ධයෙන් රටේ ආගමික නායකයන්, විද්වතුන්, විවිධ ක්ෂේත්රවල ප්‍රධානීන්, විදුහල්පතිවරුන්, දෙමව්පියන්, ආදි සිසුන්, ව්‍යාපාරිකයන් ඇතුළු සියලු පාර්ශ්ව සම්බන්ධ කරගනිමින් අදහස්, යෝජනා සහ උපදෙස් ලබාගැනීමට හැකි ඩිජිටල් වේදිකාවක් එළැඹෙන මාර්තු මාසයේ දී සකස් කිරීමට පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට රටේ අධ්‍යාපන පද්ධතිය සම්බන්ධ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම ඇතැම් අවස්ථාවලදී ප්‍රායෝගිකව අපහසු වන බවත්, බිම් මට්ටමේ සම්බන්ධීකරණය ඒ සඳහා ඉතා වැදගත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අපේ අධ්‍යාපනයේ පවත්නා විශාල අඩුපාඩුවක් වන්නේ සිසුන් ලබා ගන්නා අධ්‍යාපනය රැකියා අවස්ථා සමඟ පරස්පර වීම බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. බොහෝ ව්‍යාපාරික ආයතන තුළ රැකියා අවස්ථා ඕනෑ තරම් පවතින නමුත් අධ්‍යාපනයෙන් බිහි වන බොහෝ දෙනෙක් රැකියා ආයතන විසින් අපේක්ෂා කරන සුදුසුකම් සහ හැකියාවන් ළඟාකර ගැනීමට අපොහොසත්වීම හේතුවෙන් අධ්‍යාපනය හා රැකියා අවස්ථා අතර පරතරයක් නිර්මාණය වී ඇති බව ද ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා එය වෙනස් කිරීම රජයේ අපේක්ෂාව බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, භාෂා හා සන්නිවේදන කුසලතා වැනි විශේෂ ක්ෂේත්‍ර කෙරෙහි අධ්‍යාපන පද්ධතිය තුළ ප්රමුඛ අවධානය ලබා දිය යුතු බවත් එම ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම තුළින් රටේ ආර්ථිකය ඉහළ නැංවීමට ප්රමුඛ දායකත්වයක් ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පාසල් වෙත සුහුරු පන්ති කාමර ලබාදීම, විශ්වවිද්‍යාල පාඨමාලා නවීකරණය සහ ප්‍රවේශ අවස්ථා වැඩි කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් මෑතකාලීනව අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීමට හැකිවූ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, ජාතික මට්ටමින් ගන්නා ක්‍රියාමාර්ග වල සාර්ථකත්වය හා ඵලදායිත්වය පවතින්නේ සියලු පාර්ශ්ව වලින් ලැබෙන සහයෝගය මත බව ද අවධාරණය කළේය.
මේ අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, ඇලෝසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය දිලිත් ජයවීර, ධම්මික පෙරේරා අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර, මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ සුහුරු පන්ති කාමරය සහ මාධ්‍ය ඒකකය විවෘත කිරීමත්, පාසලේ පවත්නා අඩුපාඩු නිරීක්ෂණය කිරීමත් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.