ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිමඩ කැඳවුම්කරු ඉන්දික සම්පත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කෙරිණ.
රේන්දපොළ-අඹේවෙල මාර්ගයේ බුද්ධ මන්දිරය අසල සිට පැල්ගස්තැන්න දක්වා කොටස මේ යටතේ සංවර්ධනයට නියමිතයි. රුපියල් 80 ලක්ෂයක් වෙන්කර ඇති අතර, පවුල් 500කට පමණ මෙමගින් සෙත සැලසේ.