ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත්

ජන 03, 2021

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි 8ක් සුවය ලබා අද පිටව ගියේය.

    ගල්ලෑල්ල කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය රැඳවූවන් 5ස් දෙනාගෙන් සිව් දෙනෙකු තවමත් සොයාගෙන නොමැත. ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    එම පුද්ගලයන් පොළොන්නරුවේ සිට කුරුණෑගල දක්වා බස් රථයකින් පැමිණ ඇති බව පොලිසිය සැක කරයි. ඊට අදාළ CCTV දත්ත ඔස්සේ කුරුණෑගල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ. මේ වනවිට ඔවුන්ගේ ජායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

    Latest News