කොවිඩ්-19; 785කට අද (16) පූර්ණ සුවය (වීඩියෝ)

දෙසැ 16, 2020
  • කොවිඩ්-19 රෝගය වැළඳුනු 785 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පියව ගිය බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    දිනක් තුළ පිටව ගිය වැඩිම පිරිස මෙයයි. ඒ් අනුව කොවිඩ්-19 රෝගය වැළඳී සුවය ලැබූ සමස්ත පිරිස 25,652 දක්වා ඉහළ ගොස් තිබේ.

    පොලොන්නරුව කොවිඩ්=19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 97ක් සුවය ලබා පිටව ගියේය. ඔවුන් කොළඹ, අනුරාධපුරය සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

    මේ මස ආරම්භයේ සිට අද දක්වා කොවිඩ්-19 රෝගය වැළඳුණු 8,662ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. අද පිටව ගිය පිරිසට 785 දෙනෙකු අයත්. සුවය ලබා මේ දක්වා දිනක් තුළ පිටව ගිය වැඩිම පිරිස මෙයයි.

    මෙරට ඊයේ පීසීආර් පරීක්ෂණ 9606ක් සිදු කෙරිණ. මෙතෙක් කර ඇති සමස්ත පරික්ෂණ සංඛ්‍යාව දස ලක්ෂ 52,571ක්.

    වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ සවස පළාගොස් සිටි කොවිඩ්-19 රෝගියා අද මරදාන ප්‍රදේශයේදී සොයා ගැනිමට හැකිවූ බව පොලිසිය පවසයි.

    කොවිඩ්-19 රෝගයෙන් තවත් පුද්ගල මරණ 3ක් මෙරටින් වාර්තා විය. ඔවුන් කොළඹ 14 සහ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

    උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට හෝ හුදෙකලා තත්වය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවක් නොමැති වුවද ඒම කාලය වනවිට රට තුළ පවතින කොවිඩ් වසංගත තත්වය අනුව අවශ්‍ය තීරණ රජය විසින් ගනු ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    මේ අතර මනම්පිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට වාර්තා වීමත් සමඟ ඒම පාසල ලබන සඳුදා තෙක් වසා දමා තිබේ. ගුරු මණ්ඩලය, සිසු දරුවන් ඇතුළු 30 ක් පීසීආර් පරීක්ෂණ සිදුකර නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තාවේ.

    වතුපිටිවල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 7ක් කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව වාර්තාවේ. රෝහල විෂබීජානුහරණය කෙරිණ.

    නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මඩකලපුව සංචාරක නිකේතනයක වැඩසටහනක් පැවැත්වූ පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැණින. නිකේතනයේ හිමිකරු සහ උත්සවයට සහභාගිවූවන් ඇතුලු 47ක් ඊට අයත්.

    පොතුවිල් ආරුගම්බේ සංචාරක කලාපයට පැමිණිම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ් පොතුවිල් ප්‍රදේශයේ 22කට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට වාර්තා වීමත් සමඟයි. ඔවුන්ගේ ආශ්‍රිතයන් වන පවුල් 41ක පිරිස් ස්වයං නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී.

    පානදුර තොටවත්ත ප්‍රදේශය ඊයේ රාත්‍රී සිට හුදෙකලා කර තිබේ. ඒ් කොවිඩ්-19 රෝගීන් කිහිප දෙනෙකු හමුවීමත් සමඟ.

    මේ අතර සෞඛ්‍ය උපදෙස් නොසලකා හැර සිට 48ක් අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ් සම්බන්ධව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 1,493ක්.

    Last modified on බදාදා, 16 දෙසැම්බර් 2020 20:35

    Latest News