පාර්ලිමේන්තුව ලබන 12 යළි රැස්වේ

නොවැ 03, 2020

    පාර්ලිමේන්තුව අද (3) පෙරවරු 10.00ට රැස්වූ අතර එම රැස්වීම පැය තුනකට සීමා විය.

    මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරාධිත නිළධාරින් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට පාර්ලිමේන්තු සංකිර්ණය වෙත ඇතුළුවීමට අවස්ථාව නොලැබිණි.

    අද දිනයේ මාධ්‍යවේදීන්ට ද පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීම සඳහා අවස්ථාව නොලැබුණු අතර කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම පියවර ගෙන තිබිණි.

    යළිත් නොවැම්බර් මස 12 වැනි දින බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතයි.

    කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම සතියේදී පාර්ලිමේන්තුව එක්දිනකට සීමාවිය.

    Latest News