ඥානසාර හිමියන්ට අධිචෝදනා පත්‍ර භාර දෙයි.. ඇප මත මුදාහැරීමට නියෝග

ඔක් 21, 2020

    ඉස්ලාම් ජාතිකයින්ගේ ආගමික විශ්වාසයන්ට නින්දා වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළේ යයි චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර බාරදේ.

    කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ මෙම අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවිය.

    අනතුරුව විත්තිකාර ඥානසාර හිමියන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද විනිසුරුවරයා නියම කළේය.

    අනතුරුව නඩුව නොවැම්බර් මස 24 වැනි දින කැඳවීමට විනිසුරුවරයා නියම කර ඇත.

    2016 වසරේ නොවැම්බර් මස 01 වැනි දින සහ එම වසරේ දෙසැම්බර් මස 11 වැනි දින අතර කාලසීමාව තුළ කූරගල රජමහා විහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් තුළින් ඉස්ලාම් ජාතිකයින් ගේ ආගමික විශ්වාසයන්ට නින්දා වන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කර ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍ර ගොනු කර තිබිණ.

    Latest News