වෙඩි හුවමාරුවක දී 'රත්මලානේ රොහා' මියයයි

සැප් 24, 2020

    ප්‍රබල අපරාධකල්ලි සාමාජිකයෙක් වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබේ.

    මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් ට්‍රොලර් යාත්ත්‍රාවක් උපයෝගී කර ගනිමින් ඔහු ඊයේ (23) රාත්‍රියේ ඉන්දියාවට පළායාමට උත්සහ දරා ඇති බව වාර්තා වේ.

    අත්අඩංගුවට ගැනිමට යෑමේදී සැකකරු පොලීසියට වෙඩිතබා ඇති අතර පොලීසිය සිදුකළ වෙඩි තැබිමෙන් සැකකරු මියගොස් තිබේ.

    අනතුරුව සිදුකළ සෝදිසි කිරීමක දී සැකකරු සතුව තිබී ටී.56 ගිනි අවියක්, පිස්තෝලයක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 03ක මුදලක් සොයාගෙන ඇති බව සඳහන් වේ.

    මොහු මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේ ය.

    Latest News