පසුගිය ආණ්ඩුව ජනතා ආරක්‍ෂාව ගැන සැලකිල්ලක් නොදැක්වීම පාස්කු ප්‍රහාරයට හේතුවයි; අගමැති (වීඩියෝ)

ජූලි 28, 2020
  • පසුගිය ආණ්ඩුව ජනතා ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදැක්වීම පාස්කු ප්‍රහාරය එල්ලවීමට හේතුවක් වූ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    අද පස්වරුවේ මීගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    ජනහමුව සංවිධාන කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන නිමල් ලන්සා මහතායි. පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂකයින් මේ සඳහා එක්ව සිටියහ.

    මිනුවන්ගොඩ, සතිපොළ භූමියේ පැවති ජනහමුව සඳහා ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි විය. එය සංවිධාන කළේ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතායි. මෙම ජනහමුවේදී එක්සත් ජාතික පාක්‍ෂිකයින් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය.

    Last modified on අඟහරුවාදා, 28 ජූලි 2020 20:42

    Latest News