හානි වී ඇත්තේ කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපයට - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

ජූලි 19, 2020

    කුරුණෑගල මහ නගර සභාවේ මෙහෙයවීමෙන් හානි කර ඇති කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය බවට හඳුන්වන ගොඩනැගිල්ල ඉපැරැණි ගොඩනැගිල්ලක් බවට මූලික නිරීක්ෂණයේදීම හඳුනාගත හැකිවූ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක ප්‍රකාශ කර කරයි.

    මේ වනවිට ආන්දෝලනයකට ලක්ව තිබෙන හානියට පත් කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය නමින් හඳුන්වන ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමට ඊයේ (18) පස්වරුවේ පැමිණි අවස්ථාවේදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ කරුණු සඳහන් කළේය. px 900 19 07 20

    ඉපැරැණි යැයි කියන ස්ථානයකට සිදු වන හානියක් තුළින් එම ස්ථානය නිරුපද්‍රිතව තිබෙනවාට වඩා තොරතුරු පහසුවෙන් අනාවරණය කරගත හැකි බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පවසා තිබේ.

    මෙම ගොඩනැගිල්ලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය සෙනරත් දිසානායක එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන්ද සමග පැමිණ එහි හානිය නිරීක්ෂණය කළේය.

    Latest News