මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි අද සිට

ජූලි 02, 2020

    මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබේ.

    මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ, කොරෝනා වෛරසය හේතුවෙන් තම දෙපාර්තමේන්තුවට පැමිණෙන ජනතාවට සීමා පැන වූ බවයි.

    ඊයේ (01)  දිනය තෙක් දෙපාර්තමේන්තුවට පැමිණෙන ජනතාව දුරකතනය මගින් වේලාවක් වෙන් කරගෙන පැමිණිය යුතුව තිබුණි.

    එහෙත් එම තීරණය ඊයේ දිනයේ සිට ඉවත් කළ බවත්, දිවයින පුරා ඇති මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සෑම ආයතනයකටම පැමිණ ජනතාවට සාමාන්‍ය ලෙස ඔවුන්ගේ සේවාවන් සපුරා ගත හැකි වේ.

    Latest News