පුද්ගල ඝාතනයකට සැරසුන අයෙකු මාට්ටු

දෙසැ 28, 2018

    කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ආසන්නයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබිණ.

    මෙම ගිනි අවිය සමඟ එයට යොදන උණ්ඩ 5ක් ද ඔහු සන්තකයේ තිබී සොයාගත් බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි.

    මෙම සැකකරු අලුත් කඩේ උසාවි සංකීර්ණය ආසන්නයට යතුරු පැදියකින් පැමිණි බවයි වාර්තා වන්නේ. මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මහවත්තගේ ප්‍රසන්න ලෙස මොහුව හඳුනාගෙන ඇත.

    කේරළ ගංජා විකිණීම සම්බන්ධයෙන් නඩුවකට පැමිණි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ ඇති අතර වෙඩි ප්‍රහරයක් එල්ල කිරිමට උත්සහ කළ ද ගිනි අවිය ක්‍රියාත්මක වි නොමැති බවයි පොලිස් පවසන්නේ.

    කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සිකුරාදා, 28 දෙසැම්බර් 2018 18:46

    Latest News