තිස්ස විජේසුරේන්ද්‍ර දැයෙන් සමුගනී

මැයි 12, 2020

    ජනප්‍රිය සිනමා නළුවෙකු වූ අභාවප්‍රාප්ත තිස්ස විජේසුරේන්ද්‍ර මහතාගේ අවමංගල්‍ය අද සිදු කෙරිණ.

    ඒ, පන්නිපිටිය පොදු සුසාන භූමියේදී. 70 දශකයේ “පෙම්වතාගේ චරිතය“ රඟපාමින් ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂකයන් ඇඳ-බැඳ ගැනීමට ඔහු සමත්විය. “කළණ මිතුරෝ“, තිස්ස විජේසුරේන්ද්‍ර මහතා වයස 19දී රඟපෑ ප්‍රථම චිත්‍රපටයයි. ඉන් පසු සුරේකා, ළසඳා, සෙනෙහසක කඳුලු, සුදු පරෙවියෝ, සුහද පැතුම, ඇතුළු නිර්මාණ 65කට පමණ ඔහු දායක විය. ජිවිතයේ එක් වරක් පමණක් පිදෙන යු.ඩබ්. සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය.

    Latest News