මත්පැන් බෝතල් 600ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මැයි 03, 2020

    ලක්ෂ 21කට අධික වටිනාකමින් යුක්ත රජයේ මත්පැන් බෝතල් 600ක් සමග සැකකරුවෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය මිලේනියම් සිටි පදිංචිකරුවෙකි.

    42 හැවිරිදි සැකකරු සතුව මත්පැන් ළග තබාගැනීමට හෝ විකිණීමම සඳහා කිසිදු බලපත්‍රයක් නොමැති බව විමර්ශන වලදී හෙළිවී තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු ඇදිරිනීතිය පවතින මෙම අවස්ථාවේ බස්නාහිර පළාත තුළ මත්පැන් බෙදාහැර අලෙවි කිරීමේ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයෙකු බව විමර්ශන වලදී වැඩිදුරටත් කරුණු අනාවරණය වී තිබේ.

    පොලිස් සැරයන් බස්නායකට (38666) ලද තොරතුරක් මත මෙම ජාවාරම්කරුවන් පසුපස හඹා ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත. 

    Latest News