මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් සැකසේ (වීඩියෝ)

අප්‍රේ 11, 2020
  • ධීවර වරාය වෙත රැගෙන එනු ලබන මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් රජය සකස් කර තිබේ.

    තමන්ට මෙන්ම පාරිභෝගිකයින්ට එමගින් වාසි රැසක් අත්වන බව ධීවරයින් පවසති. පසුගියදා පැවති ආණ්ඩු පක්‍ෂයේ කණ්ඩායම් රැස්වීමේදී තීරණය කෙරුණේ, ධීවර ප්‍රජාව සහ පාරිභෝගික ජනතාව අපහසුතාවයකට පත්වීම වැළැක්වීමේ අරමුනින් ධීවර කාර්මිකයන්ගේ මත්සව්‍ය අස්වනු මිලදී ගැනීම ක්‍රියාවට නංවන බවයි.

    බේරුවල ධීවර වරායේ මත්ස්‍ය මිලදී ගැනීම් ද සාර්ථකව ක්‍රියාවට නැංවේ. තොග වෙළෙඳුන්ගේ පැමිණිම හේතුවෙන් මත්ස්‍ය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් පවතින බව, ධීවරයින් පවසති. මත්ස්‍ය අතිරික්තයක් පැවතියහොත්, ඒවා පෑලියගොඩ තොග මත්ස්‍ය අලෙවි සැලට හා හික්කඩුව ධීවර වරාය වෙත ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළක් සකසා තිබේ.

    මිරිස්ස ධීවර වරායේ මාළු මිලදී ගැනීම සාර්ථකව සිදුකරන බව ධීවර කාර්මිකයින් පවසයි.

    හම්බන්තොට, කුඩාවැල්ල සහ තංගල්ල ධීවර වරා‍යවල ද මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම සාර්ථකව සිදු කෙරේ.

    Last modified on සෙනසුරාදා, 11 අප්‍රේල් 2020 20:17

    Latest News