දඹුල්ල හබරණ මාර්ගයේ ඉනාමලුව ප්‍රදේශයේ අද (11) අළුයම සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි සීගිරිය පොලිසිය පවසයි.
වත්තල- හුණුපිටිය නාවික හමුදා මාර්ග බාදකයේදි අණ නොතකා ධාවනය කළ මෝටර් රථ දෙකකට නාවික හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
අවසරයකින් තොරව ළඟ තබාගෙන සිටින පුපුරණ ද්‍රව්‍ය මැයි මස 14 දින උදෑසන 6ට පෙර ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටි.
යාපනය කන්කසන්තුරෙයි සිට කොළඹ දක්වා ධාවනය වූ උත්තර දේවි දුම්රිය යාපනය කොඩිකාමම් කරම්බකම් මන්සංධියේදී අද (11) උදෑසන බස් රථයක් ගැටී තිබේ. අනතුරින් බස් රථයේ රියදුරු බරපතල තුවාල ලැබූ බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ ගත් පලස්තීන ජාතිකයකු ආපසු හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් අද (10) පියවර ගනු ලැබිණ.