20-20 පිටිය අලුත් කරන ක‍ොදෙව්වන් වාර්තා පොත අතරට

ජූනි 18, 2024
    20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු104 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

    තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 218ක් රැස්කර ගත්තා.

    මෙවර ලෝක කුසලානයේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක්වුණා.
    ඒ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි.
    එහිදි නිකොලස් පූරන් පන්දු 53කින් ලකුණු 98ක් රැස්කර ගැනීමට සමත්විය.
    පූරන් රැස්කළ ලකුණු 98 වාර්තා අතරට එක්වුණේ මෙවර ලෝක කුසලානයේදි ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.
    ජොන්සන් චාල්ස් ලකුණු 43ය.
    ලකුණු 219ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 02කදී රැස්කරගත හැකි වූයේ ලකුණු 114ක් පමණි.

    Latest News