හජ් උත්සවය අදයි

ජූනි 17, 2024

    මනුෂ්‍යත්වයේ පරිත්‍යාග ගුණය සිහිගන්වන "ඊදුල් අල්හා" හජ්ජි උත්සවය අදට යෙදී තිබෙනවා.

    එය, ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබනවා. ඉස්ලාම් දහමේ මූලික වතාවත්වලින් එකක්  වූ ශුද්ධ හජ් වන්දනය අවසාන වගකීමයි. 

    ඊබ්‍රහීම් නබිතුමාගේ පවුලේ අයගේ පරිත්‍යාගශිලි ගුණය මෙම වන්දනාවේ දී ඉටු කෙරෙන නැමඳුම් තුළින් සමරනු ලබනවා.

    මොහොමඩ් නබිතුමා පෙන්වා දුන් ජීවන රටාව මුල්කරගෙන මානසික හා ශාරීරික වශයෙන් සුවපත් අය හජ් වන්දනයේ යෙදීම අනිවාර්යය කරුණක්.

    ලොව පුරා ජීවත් වන මුස්ලිම්වරුන් එක්රැස්වීම, සහෝදරත්වය, යහගුණය ලොවට පෙන්වාදීමක් ද මෙමගින් සිදු වනවා.

    ශුද්ධ හජ් වන්දනාව සඳහා මක්කම නගරයට යාමට නොහැකි බැතිමතුන්ට "ඊදුල් අල්හා" හජ් උත්සව සලාතය ඉටු කිරීම අනිවාර්ය අංගයක්  වනවා.

    Last modified on සදුදා, 17 ජූනි 2024 09:59

    Latest News