ලක්ෂ ගණනක ගංජා මෙහෙයුමට කොටු වූ හැටි

ජූනි 18, 2024
    තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් යුක්තිය මෙහෙයුම යටතේ තණමල්විල ප්‍රදේශයේ පාසල් අවට විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා.

    එහිදී තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ පාසලක් අසල වෙලදසැලක තිබී වියලි ගංජා තොගයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී ඇත.

    අලෙවි කිරීම සදහා සුදානම් කර තිබූ එම ගංජා තොගයේ වියලි ගංජා කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් පන්සියක් තිබී ඇති අතර එම ගංජා වල වටිනාකම රුපියල් ලක්ෂ තුනකට ආසන්න බව පොලිසිය පවසනවා.
    ගංජා තොගය සන්තකයේ තබාගත් සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කිතුල්කොටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැටහතරක පුද්ගලයෙකි.
    සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.

    Latest News