එක දිගට පිටිය රජ කරන සිංහ ධේනුවෝ

ජූනි 18, 2024
    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා සමග පැවැත්වෙන එක්දින ක්රිරකට් තරගාවලිය ජය ගැනීමට ශ්රීේ ලංකාව අද සමත් වුණා.

    ඒ, අද පැවති තරගය, කඩුලු 5 කින් ජයග්රීහණය කිරීමත් සමගයි.

    තරගය පැවැත්වුණේ, හම්බන්තොට සූරියවැව ජාත්ය න්තර ක්රී ඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය ‍කොදෙව් කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වූයේ, පන්දුවාර 31 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 92 ක් පමණයි.
    රෂාඩා විලියම්ස් ලකුණු 24 යි. පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි ලකුණු 20 ට කඩුලු 4 ක් බිඳ හෙලුවා.
    පිළිතුරු ඉනිම ක්රීිඩා කළ ශ්රීි ලංකා කණ්ඩායම පන්දුවාර 21 යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 93 ක් රැස් කරමින් තරගය ජය ගත්තා.
    විශ්මි ගුණරත්න ලකුණු 50 යි. කවීෂා දිල්හාරි ලකුණු 28 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී කරිෂ්මා රාම්හරක් ලකුණු 29 ට කඩුලු 2 ක් බිඳ හෙලුවා. තරගාවලියේ තුන්වැනි තරගය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    Latest News