ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

ජූනි 17, 2024
    කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙන යන නලයක් පුපුරා යාමෙන් ප්රාදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
    අද අලුයම ගොඩගම මංසන්ධිය ආසන්නයේදී මෝටර් රථයක් ජල නලයේ ගැටීම ඊට හේතුවයි.
    ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්රආදේශවලවලට මේ නිසා ජල සැපුයම අත්හිටුවා තිබෙනවා.
    අනතුර සිදුවූ ස්ථානයේ ජල නලයෙන් විශාල ජල කඳක් නිකුත් වූ අතර, එම ස්ථානය අසල පිහිටි විදුලි කණුවක්ද මාර්ගයට වැටී ඇති බවයි වාර්තා වන්නේ.
    මොටර් රථයේ ගමන් ගත් සිව්දෙනෙකු තුවාල ලැබූ අතර, ඔවුන් ‍හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා. මේ වන විට ජලනලය යථා තත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News