අනනොතැකු වාහන දෙකකට නාවික හමුදාවෙන් වෙඩි ප්‍රහාර.......රියදුරු දෙදෙනාම බීමත් (වීඩියෝ)

මැයි 11, 2019

    වත්තල- හුණුපිටිය නාවික හමුදා මාර්ග බාදකයේදි අණ නොතකා ධාවනය කළ මෝටර් රථ දෙකකට නාවික හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

     අද (11) අලුයම හුණුපිටිය නාවික හමුදා මාර්ග බාධකය ඉදිරිපිට දී වාහනයක් පරීක්ෂා කිරීමට නාවික හමුදාව විසින් උත්සහ කළ අවස්ථාවේ අණ නොතකා ධාවනය කළ බව නාවික හමුදාව පවසයි. එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි නාවික හමුදා නිලධාරියාද හප්පා පලා යාමට එම රථයේ රියදුරු උත්සාහ කර තිබේ.

    රථය නැවැත්වීමට තවත් නිලධාරියෙක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් තුවාල ලැබු රථයේ රියදුරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව නාවික හමුදාව පවසයි. මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34ක් වු මීගමුව පාර වත්තල ලිපිනයේ පදිංචි අයෙක්.

    ඉන් පැයකට පමණ පසු තවත් මෝටර් රථයක් මෙම මාර්ග බාධකයේදීම අණ නොතකා පලා යාමට උත්සහ කළ අවස්ථාවේ ද ඊට ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම වෙඩි ප්‍රහාරයෙන් බීමත්ව සිටි රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

    මෙම අවස්ථා දෙකේම මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරුවරුන් දෙදෙනාම අධික ලෙස බීමත්ව රිය පදවා ඇති බවයි.

    Last modified on සෙනසුරාදා, 11 මැයි 2019 23:27

    Latest News