ඉහළ අහසේදී ගුවන් යානයක් ගිනි ගනියි

ජූනි 18, 2024
    වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයයේ ගුවන් යානයක් පියාසර කරමින් තිබියදී එහි එක් එන්ජිමක ගිනි ගැනීමක් හටගෙන තිබු අතර ගින්නෙන් එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් නවසීලන්තයේ ඉන්වර්කාගිල් ගුවන් තොටුපොළට ආරක්ෂිතව ගොඩබස්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවන් සඳහන් කරනවා.

    ගුවන් යානය නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් නගරයේ සිට ඕස්ට්‍රේලියාව බලා එරට වේලාවෙන් පස්වරු 5.50 ට පමණ ගමන් අරඹා තිබු අතර විනාඩි 50 කට පසුව මෙම සිදුවීම සිදුවී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

    ගින්න ඇති වීමට හේතුව මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති අතර මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු එම අවස්ථාවේ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
    වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂියෙකු එන්ජිම තුළට ඇදී යාමෙන් ගින්න ඇති වන්නට ඇතැයි අනුමාන කරන බවයි.

    Latest News