ඊශ්‍රායලය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙක් ඊයේ දිවුරුම් දෙනු ලැබීය. ඒ අනූව, බෙන්ජමින් නෙතන්යාහුගේ වසර 12ක ධුර කාලය අවසන් විය. දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වූ නෆ්ටාලි බෙනට් ඊශ්‍රායලයේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබීය.

ඊශ්‍රායලයේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් හතළිස් දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබේ.

කොරෝනා වෛරස ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ ඊශ්‍රායලය නැවත සති තුනක කාලයක් රට වසා දැමීමට තීරණය කර තිබේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින්‌ නෙනන්යාහුට එරෙහිව පවතින දූෂණ චෝදනා සම්බන්ධ නඩු විභාගය ජෙරුසෙලම්‌ හිදී ඊයේ ආරම්භ විය.

තම යුද ගුවන් යානාවලට ඉරානය ඇතුළු මැද පෙරදිග කලාපයේ ඕනෑම රටකට පහරදිය හැකි බව, ඊශ්‍රායලය පවසයි. ඕනෑම අවස්ථාවක දී ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට තම හමුදාවන් සූදානම් බවයි, ඔවුන් පවසන්නේ.

Latest News