Up date - ඩුබායිවල සිට පිටුවහල් කළ බන්ධනාගාර නියාමක ලලිත් කුමාර තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන ඇති බව වාර්තවේ.

CDI - නදීමාල් මුදාහරි (16.06)

අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරිම් වලින් පසු මුදාහැර තිබේ.

නදීමාල් පෙරේරා (24) හා බන්ධනාගාර නියමකවරයෙක් වන ලලිත් කුමාර (52) ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අද උදෑසන කටුනායක ගුවන්තොටුපොලේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනිණ.

එ අනුව පැය 07කට ආසන්න කාලයක් මොවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරිමෙන් පසු නදීමාල් පමණක් මුදාහැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. එ අනුව තවදුරටත් බන්ධනාගාර නියමක ලලිත් කුමාරගෙන් ප්‍රශ්න කිරිම සිදුවේ

ඩුබායිවලින් පිටුවහල් කළ නදීමාල් කටුනායක දී අත්අඩංගුවට (09.30)

අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා(24) හා බන්ධනාගාර නියමකවරයෙක් වන ලලිත් කුමාර (52) යන අය ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අද උදෑසන කටුනායක ගුවන්තොටුපොලේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (26) දිනයේ ඩුබයි වලින් පිටුවහල් කිරිමෙන් පසු ෆ්ලයි ඩුබායි FZ 547 ගුවන් යානයෙන් අද උදෑසන දිවයිනට පැමිණ තිබේ. 

ඔවුන් දෙදෙනාගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවයි, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවූ අමල් පෙරේරාගේ පුත් ගායන ශිල්පී නදිමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට පසුගියදා (2/12) තහවුරු විය.

ඒ සම්බන්ධයෙන් ඩුබායි පොලීසියෙන් කළ විමසීමක දී නිලධාරීන් මේ බව තහවුරු කළ බව ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීමට පසුගියදා එහි ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්න මීට පෙර ජාතික රූපවාහිනියට ප්‍රකාශ කළේ.

එහිදී අදහස් දැක්වූ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා(පෙබ.12) ..

"මොවුන් දෙදෙනා ලංකාවේ ජනප්‍රිය ගායක දෙපලක් ලෙස අපි ප්‍රකාශ කළා. අපි යූ-ටියුබ්වල ඇති වීඩියෝ දර්ශන පෙන්වා ඒවා නරඹා ඇති ප්‍රමාණය ගැන සඳහන් කර ඔවුන්ගේ ජනප්‍රියත්වය සම්බන්ධව කරුණු දැක්වීමක් සිදු කළා. මොවුන් පිය-පුතු දෙපලක් බවත් ඔවුන් පැමිණ ඇත්තේ ඔවුන්ගේ වෘත්තීමය කටයුත්තකට බවත් මත්ද්‍රව්‍ය කාරණයකට නොවන බවත් අවධාරණය කළා. නදිමාල්ගේ රුධිර පරීක්ෂණ ප්‍රතිඵල ලැබී ඇති අතර එහි කිසිදු ආකාරයේ මත්ද්‍රව්‍යයක් අඩංගු වී නැහැ. මේ රටේ මත්ද්‍රව්‍ය භාවිතය මිනී මැරීමකට වඩා ප්‍රභල අපරාධයක් ලෙස සලකනවා" යැයි සඳහන් කළේය.

(පෙබ.12) නදිමාල්ගේ රුධිරයේ මත්ද්‍රව්‍ය නැහැ (වීඩියෝ)

(https://www.runews.lk/news/item/2408-no-drugs-in-nademal-s-blood-samples)

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු 31 දෙනෙක් පෙබරවාරි 28 වැනිදා ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.  අනතුරුව, මාර්තු 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයෙන් නියෝග කෙරිණ.   

මත්ද්‍රව්‍ය ශරීරගත වී නොමැති 8 දෙනෙකු සිටින බවට ඩුබායි පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණවලින් තහවුරු විය. නදිමාල් පෙරේරා හා හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වන ලලිත් කුමාර යන අය ද නිදහස් කිරීමෙන් පසු ඊයේ ඩුබායි රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට  පිටුවහල්කර කෙරිණ.  අනතුරුව අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි. 

මාකදුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු 31 දෙනෙක් පසු ගිය පෙබරවාරි 05 වැනිදා ඩුබායිහි පොලිස් අත්අඩංගුවට වුහ. එ මාකඳුරේ මධුෂ් විසින් ඩුබාහි හෝටලයක පැවැත්වු සාදයක් අතර තුරදීය.

රන් බිස්කට් 40ක් සිය අතෙහි සඟවාගෙන ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක්(49) අද කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගැනිණ.

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ කාන්තාවන් 16ක් හා පිරිමි ශ්‍රමිකයින් දෙදෙනෙකු ඇතුළු 18 පිරිසක් අද උදෑසන දිවයිනට පැමිණියේය.

නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ආ රුපියල් තිස් නව ලක්ෂයකට ආසන්න දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙන් තිදෙනෙකු අද අලුයම කටුනායක දී අත්අඩංගුවට ගනු ලැබීය.

කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය තුළ දී ඇද වැටීමෙන් විදේශීය  ගුවන් මගියෙකු අද (18) ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලක්ෂ 12කට අධික වටිනාකමින් යුත් වල්ලාපට්ටා කිලෝ 27ක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News