වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා වරෙන්තු මත අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම්  දේ.

ඒ රාජගිරියේ දී සිදුවු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ අනතුර පිළිබඳ බොරු සාක්ෂි ලබා දීමේ චෝදනාව හේතුවෙනි.

ඒ අනුව වරෙන්තු ලබා ගෙන වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දුන් බව, නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනවිය පැවසීය.

Latest News