09 දෙනෙකු ගමන් ගත් ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වී 02ක් මරුට.....

ජූනි 04, 2022

    තණමල්විල උඩවළව මාර්ගයේ සූරියආර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද (4) අලුයම සිදු වූ අනතුරකින් දෙදෙනකු මියගොස් තවත් 07දෙනෙකු තුවාල ලබා ඇත.

    අනතුර සිදුවන අවස්ථාවේ දී තිරෝද රථයේ 09 දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 06ක දරුවෙකු සහ වයස අවුරුදු 42ක පුද්ගලයෙක්. අනතුරට මුහුණ දී ඇත්තේ වැල්ලවාය සියඹලාගුණය සහ හිඟුරුකඩුව යන ප්‍රදේශවල පදිංචි එකමපවුලේ පිරිසක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. තුවාල ලැබූවන් තණමල්විල සහ හම්බන්තොට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර අනතුර සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

    Latest News