භුමිතෙල් ඉල්ලා පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය වසා දමයි...

ජූනි 04, 2022

    භුමිතෙල් ඉල්ලා පිරිසක් අද (04) උදෑසන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය වසා දැමීමට කටයුතු කර ඇත. 

    හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් භුමිතෙල් මිල දි ගැනිම සදහා අද (04) දින අලුයම සිට දිගු පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් පිරිසක් මෙසේ එම ඉන්ධන පිරවුම්හල ඉදිරිපසින් හැටන් කොළඹ නුවරඑලිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් භුමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත විය.  එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් විසින් (04) දින භුමිතෙල් නිකුත් කිරිමට සංචිතයේ භුමිතෙල් නොමැති බවට පැවසිමෙන් අනතුරුවයි පාරිභෝගිකයන් මෙසේ උද්ඝෝෂණයේ නිරතවූයේ.  

    හැටන් පොලිසියේ නිලධාරින් මේ පිලිබදව කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය වෙත දැනුම් දිමෙන් පසු එම ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් ලිටර් 6,600 ක් අද දින ලබාදෙන බවට පොරොන්දු වු බව පොලිස් නිලධාරින් උද්ඝෝෂකයන් හමුවේ පැවසිමත් සමග අවහිර කර තිබු ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට උද්ඝෝෂකයන් ඉඩ සලසා දෙනු ලැබුහ.  

    පසුව එම ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් තොග ලැබිමත් සමග දිගු පොලිම් වල භුමිතෙල් ලබා ගැනිමට පාරිභෝගිකයන් 2,000ක් පමණ රැදි සිටිම හේතුවෙන් එක් පාරිභෝගිකයෙකුට රු 300 ක පමණක් භුමිතෙල් ලබාදිමට ඉන්ධන පිරවුම්හල් සේවකයින් පියවර ගන්නා ලදි.  භුමිතෙල් පොලිම් පාලනය කිරිමට යුධ හමුදා නිලධාරින් සහ හැටන් පොලිසියේ නිලධාරින් යොදවා තිබිණ.

    Hatton01 900px 22 06 03

    Latest News