ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් ලබන 21 යළි කැඳවයි

අගෝ 18, 2020

    ඊටීඅයි සමාගමේ වත්කම් විකිණීමේ අක්‍රමිකතා විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් අද (18) පෙනී සිටියා.

    පැය දෙකක පමණ කාලයක් ඔවුන් ප්‍රකාශ ලබාදුන් බවයි වාර්තා වුණේ.

    ඊටීඅයි සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අයයි මෙලෙස කොමිසම හමුවේ පෙනී සිටියේ.

    විභාග වෙමින් පවතින නඩුවලට බාධා වන බව ප්‍රකාශ කරමින් ඊටීඅයි සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් කරුණු විමසීමට එරෙහිව නීතීඥවරයා විරෝධතා පළකළ බවයි, වාර්තා වුණේ.

    කෙසේ වෙතත් ඔවුන් හතර දෙනාට ලබන 21 වනදා යළි කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ද දැනුම්දී තිබෙනවා.

    Latest News