ඉරිදා, 12 මැයි 2019

පොළොන්නරුව දීප උයන මධ්‍යයේ ඉඳි කෙරුණු ෆයිවු ජී තාක්‍ෂණයෙන් යුත් දුරකතන සන්නිවේදන කුළුණ අද විවෘත කෙරිණ.

Published in BIZ

ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීමට විපක්ෂ නායක මහින්ද රජපක්ෂ මහතාගේ පාර්ශවයට කිසිදු අවශ්‍යතාවක් නැති බව ඔහුගේ ක්‍රියා කලාපයෙන් පෙනි යන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Published in News

පසුගිය 21 වැනි දින සිදුවූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකු ආරක්‍ෂා කිරීමට හෝ සැඟවීමට තමාට නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Published in News

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් සහභාගි වූ අයිස් හොකී තරගයක් පිළිබඳව මේ දිනවල විදෙස් මාධ්‍යවල අවධානය යොමු වී තිබේ.

Published in WORLD

කොට්ටාව, මහල්වරාව ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

Published in News

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහල බැස ඇති බව වාර්තාවේ. ඒ හේතුවෙන් ජල විදුලි උත්පාදනයට බාධා පැමිණ තිබේ.

Published in News

මෙවර ශ්‍රී පාද වන්දනා වාරයේදි ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් කැළි කසළ බදුන්වලට බැහැර කර තිබූ බව මස්කෙලිය ප්‍රාදේශිය සභාව පවසයි.

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරිමට පැමිණි වන්දනාකරුවන් විසින් නල්ලතන්නියේ සිට ශ්‍රී පාදය උඩ මළුව දක්වා ප්ලස්ටික් වතුර බෝතල් ලක්ෂ 10 පමණ බැහැර කර තිබේ.

නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා ගමන් ගන්නා වන්දනාකරුවන්ට පානිය ජලය ලබා ගැනිමට නිසි වැඩ පිලිවෙලක් නොමැති නිසා පානිය ජලය අවශ්‍යයතාවය ලබා ගැනිමට වන්දනාකරුවන් මෙසේ ප්ලාස්ටික් වතුර බොතල් උඩ මළුව දක්වා රැගෙන යාම සිදුවේ.
කැළි කසළ බදුන්වලට බැහැර කර තිබු ප්ලාස්ටික වතුර බෝතල් මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ කම්කරුවන් සහ නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් සහ සේවකයින් විසින් අවස්ථා කිහිපයකදිම නල්ලතන්නිය දක්වා රැගෙනවිත් ඇත. එසේ රැගෙන ආ ප්ලාස්ටික් වතුර බොතල් ප්‍රතිචක්‍රිකරණය සදහා යොමු කිරීමට නියමිතයි.

නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ගමන් ගන්නා වන්දනාකරුවන්ට පානිය ජලය ලබා දිමට වැඩ පිලිවෙලක් දියත් කරන්නේ නම් ඊලග වන්දනා වාරයේදි ප්ලාස්ටික් වතුර බෝතල් රැගෙන යාම වැලැක්විය හැකි බව සඳහන්වේ.

මේ අතර 2019/ 2020 ශ්‍රි පාද වන්දනා වාරයේදි නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා වන්දනාකරුවන්ට පානිය ජලය ලබා දිමේ ව්‍යපෘතියක් ආරම්භ කිරිමට මේ වන විට ප්‍රතිපාදන වෙන් කර ඇති බව නුවරඑලිය අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා ශ්‍රි පාද වන්දනා වරාය අවසන් කිරිම සම්බන්ධයෙන් පසුගිය දා නල්ලතන්නිය ග්‍රාමාසේවා කාර්යයාලයේ පැවති රැස්විමේදි පවසා ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

2018/2019 ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් දිනට පසු දින (19) අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.

Published in News

නාවික හමුදා භට පිරිසක් විසින් ඊයේ (11) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 70 සොයා ගැනීමට සමත්ව ඇත.

Published in News

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(11) සවස අමරපුර මහ නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් බැහැදැකීමට ගල්කිස්ස ධර්මපාලාරාමයට පැමිණියේය.

Published in News

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව පාසල් අවට පිරිසිදු කිරීම් සිදු වේ.

Published in News

Latest News