රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන්ගෙන් ගෝල 8ක්

මැයි 12, 2019

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් සහභාගි වූ අයිස් හොකී තරගයක් පිළිබඳව මේ දිනවල විදෙස් මාධ්‍යවල අවධානය යොමු වී තිබේ.

    තරගයේ දී තම කණ්ඩායම ජයග්‍රහණය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෝල 8ක් වාර්තා කර ඇත. අයිස් හොකී ක්‍රීඩාවට දස්කම් දක්වන රුසියානු ජනාධිපතිවරයා සමඟ රුසියානු ආරක්‍ෂක අමාත්‍ය සර්ගෙයි ෂෙයිගු සහ ජ්‍යෙෂ්ඨ රුසියානු හොකී ශූරයින් පිරිසක් එක්වූහ.

    එහිදී ප්‍රතිවාදී කණ්ඩායම් සියලු ක්‍රීඩකයින් ලබාගත් ගෝලවලට වඩා වැඩි ගෝල ප්‍රමාණයක් ජනාධිපතිවරයා ලබාගැනීම විශේෂ කාරණයක්. කෙසේ වෙතත්, තරගය අවසානයේ අයිස් හොකී පිටිය මත ඇඳ වැටුණු අතර, ඇතැම් මාධ්‍ය තරගයට වඩා වැඩි අවධානයක් ඒ පිළිබඳ යොමුකර තිබෙනු දක්නට ලැබිණ.

    රුසියානු ජනාධිපතිවරයා ව්‍යාපාරිකයින්, රාජ්‍ය නිලධාරීන් සහ හිටපු හොකී ක්‍රීඩකයින් සමඟ වරින්වර හොකී ක්‍රීඩාවේ නිරතවේ. ජූඩෝ කළුපටි ශුරයෙක් වන 66 හැවිරිදි රුසියානු ජනාධිපතිවරයා වික්‍රමාන්විත ක්‍රියාවල නිරතවන රාජ්‍ය නායකයෙක් ලෙස ප්‍රසිද්ධයි.

    Latest News