පැපුවානිව්ගිනියාවේ දී පැවැති ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව එකඟතාවයකින් තොරව ඊයේ නිමාවට පත්විය.
වොෂිංටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සෘජුවම සම්බන්ධ වී ඇති බවට, අමෙරිකානු සීඅයිඒ ඔත්තු සේවාව හෙලිදරව් කර තිබේ.
ධවල මන්දිර වාර්තාකරණය තහනම් කළ සී.එන්.එන්.මාධ්‍යවේදියාට නැවතත් ධවල මන්දිරයට පිවිසීමේ අවසර හිමිව තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කන්සවේටිව් පක්ෂය සූදානම්ව තිබේ.
අමෙරිකාවේ නැගෙනහිර ප්‍රදේශවලට ශීත සෘතුවේ පළමු හිමපතනය වාර්තා වී තිබේ. සෙන්ට්‍රල් පාක් හා ටයිම්ස් චතුරඝ්‍රය ආශ්රිත ප්‍රදේශවලට ද හිමපතනය සිදුව තිබේ.
අමෙරිකාව සහ චීනය යන දෙපාර්ශ්වයටම එක් නොවී, සංවර්ධන මාවතේ ගමන් කිරීම තම ප්‍රතිපත්තිය බව, සිංගප්පූරුව පවසනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණ දෙපාර්තමේන්තුවේ සහ එෆ්.බී.අයි. ආයතනයේ කටයුතුවලට මැදිහත් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව, එරට බලධාරීන් සඳහන් කරයි.
උතුරු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ දරුණු ලැව්ගින්නෙන් 30%ක් මැඩපැවැත්වීමට ගිනි නිවස භට කණ්ඩායම් සමත් වී තිබේ.
අමෙරිකාව පුරා ජනවාර්ගික ප්රචණ්ඩ ක්‍රියා 17%කින් ඉහළ ගොස් ඇතැයි, එෆ්.බී.අයි ආයතනය හෙවත්, ෆෙඩරල් පර්යේෂණ කාර්යාංශය නිවේදනය කරයි.
මාවල් චිත්‍රකතා සමාගමේ හිටපු සභාපති හා අමෙරිකානු කතුවරයෙකු වන ස්ටෑන් ලී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියන්මාර් නායිකා අවුන්සාන් සුකී හට ලබා දී තිබූ ගෞරව සම්මානයක් ඉවත්කර ගැනීමට අන්තර්ජාතික ක්ෂමා සංවිධානය තීරණය කර තිබේ.
ඊශ්‍රායලය, පලස්තීන ගාසා තීරයට පිවිස සිදු කළ රහසිගත හමුදා මෙහෙයුමකින් හමාස් සටන්කාමි නායකයෙකු හා ඔහුගේ අනුගාමිකයන් 6 දෙනෙකු මියගියා.
නවසීලන්තය සාර්ථකව රොකට්ටුවක් අභ්‍යවකාශගත කර තිබේ. මෙහෙයුම නම් කර තිබුණේ, ඉට්ස් බිස්නස් ටයිම් ලෙසයි.
යුරෝපා හමුදාවක් ස්ථාපිත කිරීමේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ යෝජනාව, තමා අනුමත කරන බව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත ගණනාවක හට ගෙන ඇති ලැව්ගිනි තත්වය, මේ වන විට විශාල ප්‍රදේශයක් දක්වා පැතිර ගොස් තිබේ.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජනාකීර්ණ වීදියක දී අද පුද්ගලයෙක් දැඩි ප්රකෝපකාරී ලෙස හැසිරී තිබේ.
නීති විරෝධි සංක්‍රමණ වැළැක්වීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට අමෙරිකානු ජනාධිපතිවරයාට බලය ඇති බව එරට නීතිපතිවරයා පවසයි.
ඊජිප්තු ජනාධිපති, අබ්දෙල් ෆාටා අල්-සිසි ෂාම් අල්-ෂික් නගරයේ පාපැදියෙන් සංචාරය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිර තිබේ.