යුරෝපා හමුදාවක් ගොඩනැගීමට පුටින් එකඟයි

නොවැ 12, 2018

    යුරෝපා හමුදාවක් ස්ථාපිත කිරීමේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ යෝජනාව, තමා අනුමත කරන බව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

    පළමු ලෝක යුද්ධය අවසන් වී වසර 100ක් සපිරීම නිමිත්තෙන් ඊයේ පැවති උත්සවයක දී ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් සඳහන් කළේ, යුරෝමා හමුදාවක් බිහි කළ යුතු බවයි. මේ පිළිබඳ අදහස් දැක්වූ රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ, රුසියාව සෑම විටම ඒ සඳහා සූදානම් බවයි. එසේම, ලොව බලය එක් පාර්ශවයක් අතර පමණක් නතු වීම සුදුසු නොවන බව ද රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ප්‍රංශයේ පැවති සැමරුම් උත්සවයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජර්මන් චාන්සලර්, ඇන්ගෙලා මාර්කල්, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් සහභාගී විය.

    Latest News