කෝටිය කාටද ?

ඔක් 07, 2024

    ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන 09 වැනි කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 8ක් මේ වන විට නිමා වී තිබෙනවා.

    නවසීලන්තය, ඕස්ට්‍රේලියාව,ඉන්දියාව,ශ්‍රී ලංකාව, පකිස්තානය "ඒ" කාණ්ඩය යටතේ තරග වදිනවා. බ.ඉ. කොදෙව්, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බංග්ලාදේශය, ස්කොට්ලන්තය තරග වදින්නේ "බී" කාණ්ඩය යටතේයි.

    මෙවර ශූරියන්ට ලැබෙන ත්‍යාග මුදල ඇ.ඩො. මිලියන 2.34ක්. එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 69 කට අධික මුදලක්.

    අනුශූරියන් වෙනුවෙන් හිමි වන මුදල් ත්‍යාගය ඇ.ඩො.මිලියන 1.17 ක් වන අතර එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 35 කට ආසන්න මුදලකි.

    අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායමකට ඇ.ඩොලර් 675,000 ක මුදලක් ත්‍යාග වශයෙන් ලැබෙන අතර එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 20 කට ආසන්න වටිනාකමකි.

    ඒ අනුව රටවල් 10 ක ක්‍රීඩිකාවෝ කුසලානයකට අමතරව කෝටි ගණනක මුදල් ත්‍යාගයන්ද තම කණ්ඩායම් සතු කර ගැනීමේ අදිටනින් පිටියේ ගැටෙමින් සිටී.

    Latest News