කියුබාව අඳුරේ

ඔක් 19, 2024

    කියුබාවේ ප්‍රධාන බලශක්ති බලාගාරය අසාර්ථක වීමෙන් රටපුරා විදුලිය ඇනහිටීමකට ලක්ව තිබෙනවා.

    මිලියන 10 පමණ ජනකායක් ඉන් පීඩාවට ලක්ව ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. ඊයේ සවස් වරුවේදී රට තුළ විදුලි ජාලය මුළුමනින්ම බිඳ වැටුණු බව කියුබානු බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළ අතර, එය යථා තත්වයට පත් කිරීමට කොපමණ කාලයක් ගතවේදැයි කිව නොහැකි බවද, ප්‍රකාශ කර තිබුණා.

    මේ වනවිට ක්‍රමයෙන් විදුලි සැපයුම යථා තත්වයට පත් කෙරෙමින් පවතින බවයි, විදෙස් වාර්තා සඳහන් කරන්නේ. විධිමත් විදුලි සැපයුමක් සඳහා ඉන්ධන බලාගාර පහක් යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව, කියුබානු බලධාරින් පවසනවා. විදුලිය ඇනහිටීම හේතුවෙන් එරට රජය ඊයේ දිනයේ සියලුම පාසල් සහ අත්‍යවශ්‍ය නොවන කර්මාන්ත වසා තැබීමට තීරණය කළා.

    සංචාරක හෝටල් සහ රාත්‍රී සමාජ ශාලාවලට විදුලිය නොමැති වීමෙන් සංචාරක කර්මාන්තයට බලපෑම් සිදුවී ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News