පාට, ආගම් - ප්‍රචණ්ඩත්වය ඉහළ ගිහින්

නොවැ 14, 2018

    අමෙරිකාව පුරා ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා 17%කින් ඉහළ ගොස් ඇතැයි, එෆ්.බී.අයි ආයතනය හෙවත්, ෆෙඩරල් පර්යේෂණ කාර්යාංශය නිවේදනය කරයි.

    ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා එෆ්.බී.අයි.ආයතනය නිර්වචනය කර ඇත්තේ, හේට් ක්‍රයිම් යනුවෙන්. එනම්, ජනවාර්ගිකත්වය, ආගම, ලිංගිකත්වය, ස්ත්‍රී - පුරුෂ සමානත්වය වැනි කරුණු මුල්කර ගනිමින් පුද්ගලයෙකු හෝ දේපළවලට එරෙහිව සිදු කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා ලෙසයි. 2017 වසරේ අමෙරිකාව තුළ එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා 7,175ක් වාර්තා වී තිබේ.

    අමෙරිකාව තුළ කළු ජාතිකයන් සහ යුදෙව් අමෙරිකානුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමක් දකින්නට ලැබෙන බවයි, වාර්තා වන්නේ.

    Latest News