ජාතික ජන බලවේගයේ පළමු රැළිය අද තංගල්ලේදී

ඔක් 19, 2024

    ජාතික ජන බලවේගය මහමැතිවරණය මුල් කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් පවත්වන පළමු රැළිය අද තංගල්ලේදී පැවැත්වීමට නියමිතයි.

    ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ වන විටත් මැතිවරණය මුල්කර ගනිමින් ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර සිදු කරමින් සිටින බවයි එම පක්ෂය සදහන් කරන්නේ. ප්‍රාදේශීය මට්ටමේ ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව සෑම දිස්ත්‍රික්කයකම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැළියක් පැවැත්වීමට නියමිතයි.

    Latest News