උණුසුම් වූ කැලිෆෝනියාවේ 42ක් මරුට

නොවැ 14, 2018

    උතුරු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ දරුණු ලැව්ගින්නෙන් 30%ක් මැඩපැවැත්වීමට ගිනි නිවස භට කණ්ඩායම් සමත් වී තිබේ.

    අක්කර එක් ලක්ෂ විසි පන් දහසක් පුරා ලැව්ගිනි තවදුරටත් පැතිර යමින් පවතින බවයි, වාර්තා වන්නේ.

    ලැව්ගින්නත් සමග පැරඩයිස් නගරයේ අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. නගරයට බලපා ඇති වූල්සේ නමැති තවත් ලැව් ගින්නක් හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

    රටේ සුපිරිතම ධන කුවෙරයන්ගේ නිවාඩු නිකේතනයක් ලෙස සැලකෙන මලිබූ නිකේතනයට ද ලැව් ගිනි නිසා, හානි සිදු වී ඇතැයි, වාර්තා වෙයි.

    ලැව්ගිනිවලින් මිය ගිය සංඛ්‍යාව 42ක්. විශාල සංඛ්‍යාවක් අතුරුදන්වී සිටී. ගිනි නිවන භට කණ්ඩායම්වල චිත්ත ධෛර්යය පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රසාදය පළකර තිබේ.

    Last modified on බදාදා, 14 නොවැම්බර් 2018 13:18

    Latest News